කාලෙකට කලින් 2009 අවුරුද්දේ ව්‍යවසායකයන් දෙන්නෙක්ට අලුත් අදහසක් ආවා. ඒ අඩු මුදලකට වටිනාකමක් ඇති සේවයන් පිරිනැමීමයි. මේ ව්‍යවසායකයන් දෙන්න නම්වලින් Micha Kaufman හා Shai Winingerය. මෙයාලට මේ Idea එක ආවාම මෙයාලා කරේ ‘$5ට සලසන්න පුලුවන් මොනාද’ කියන ප්‍රශ්ණය යටතේ එයාලගේ Product එක 2010 වසරේ පෙබරවාරි වලදී වෙළදපොළට Beta Version එකක් විදිහට නිකුත් කලා, ඒ Fiverr(Five-er) කියන නමින්.
මෙන්න මේ විදිහට එයාලට ආපු Idea එක අත්හදා බලපු ඒ අය මේක සාර්තක Business Model එකක් කියන තීරණයට ආවා, ඊට පස්සේ පුන්චි පුන්චි වෙනස්කම් අලුත් Features එකතු කරලා කාලයක් කිසිම සද්දයක් නැතුව හිටියා. ඒ ජුනි මාසේ 26 වෙනි දවස එනකං. මේ දවසේ තමයි Fiverr v2 Design & Features ඔක්කොම මුළු ලෝකෙටම විවෘත වුනේ. ඒ නිසා මේ වෙනකොට ඔයා මේ අලුත් Fiverr v2 Design එක පාවිච්චි කරන එක ගැන නම් කිසිම සැකයක් නැහැ..!
Fiverr v2 එක Officially Worldwide Release වෙලා අදට දවස් 14 ගිහින්, ඒ වගේම අලුත් Fiverr v2 එකේ හොඳ වගේම නරක ගැනත් කියන්න දේවල් ගොඩයි. ඒ දේවල් ඔක්කොමත් එක්ක අද කියන්න යන්නේ Fiverr Account එකක් හදලා ගින්දර වගේ Professional Gig එකක් හදන හැටි වගේම Fiverr v2 Tools & Features වලින් උපරිම විදිහට වැඩ ගන්න හැටියි, තව වැඩි කලක් ආයුෂ නැති පුන්චි Tips ටිකකුයි.
First Finger on Fiverr v2
දැන් හැමෝටම Fiverr v2 Officially Release කරලා තියෙන නිසා අලුතෙන් මුකුත් කරන්න දෙයක් නැහැ, මේ කියන්න යන්නේ Fiverr Account එකක් හදන හැටි. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා, ගොඩක් අය ලංකාවේ විදිහට Fiverr Account හදන්න කැමති නැහැ. ප්‍රධාන හේතුව විදිහට කියන්නේ, ලංකාවේ Account වලට Sales එන්නේ නෑ කියලා…!
ඒත් මෙතනදි එහෙම දෙයක් වෙන්නේ නෑ, Fiverr Gigs ටික දාලා බලාගෙන ඉන්න හැමෝටම වගේ Fiverr Sales එන්නේ නැත්තේ එයාලගේ තියෙන Mistakes හින්දා මිසක් ලංකාවේ Flag එක තියන හින්දා නෙමෙයි.
ඔව්, සමහරවිට ඔයා දෙන Service එකට ගැලපෙන්නේ US Fiverr Account එකක් වෙන්න පුලුවන්. ලංකාවේ Fiverr Account එකකට Sales එන්නේ නැත්තේ නෑ, අවශ්‍ය වෙන්නේ හොඳ කැපවීමකුයි මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන් ශක්තියකුයි විතරයි. කොහොමත් US, UK රටවල මිනිස්සුන්ට ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා සැලකිල්ලක් තියෙනවා. මේ කියන්නේ ඔයා US Account එකක් හැදුවොත් අනිවාර්යයෙන් Sales එනවා කියලා නෙමෙයි, ඒකට පොඩි Influence එකක් තියේවී කියලා.
මොනාවුනත් අන්තිම තීරණය ඔයා අතේ, ඒත් ලංකාවේ Fiverr Account වලට Sales එන්නේ නෑ කියන මිත්‍යාව හිතින් අයින් කරගන්න.
Simple Registration as a World Wide Freelancer!
මුලින්ම Fiverr.com වලට යන්න, ගිහින් ඔකේ උඩම කොනේ තියන Join Click කරන්න, එතකොට පහළ විදිහට PopUp එකක් Load වෙයි.

Fiverr v2 Account Creation
ඔය ඉල්ලලා තියෙන දේවල් කරලා Fill කරන්නයි ඕනා, මෙතනදි Username එක තෝරගනිද්දි වැඩේට ගැළපෙන එකක් නම් හොඳයි, ඒ කිව්වේ ඔයා කරන්න ඉන්නේ Video Intro සම්බන්ධ දේවල් නම් Intro කියන වචනයත් එක්ක ඔයාගේ Username එක හදාගන්න පුලුවන්.(eg.IntroSoul) මෙහෙම කරන්න කියලා අනිවාර්ය නැහැ, ඒත් මෙහෙම කලොත් පොඩි SEO Benefit එකක් තියෙනවා.

Fiverr Activation Email
හරි, ඔයා Join Click කරාම ඔයාට මෙන්න මේ වගේ Confirmation ඊමේල් එකක් එයි. ඒකේ තියෙන Confirmation Link එක කරලා Fiverr Account එක Confirm කරන්න. දැන් ඔයාගේ Fiverr Account එක හදලා ඉවරයි, දැන් තියෙන්නේ Details Fill කරලා වැඩ පටන්ගන්නයි.
Updating Fiverr v2 Profile…
දැන් ඔයා Fiverr Account එකට ලොග්වෙන්න, එතකොට මේ වගේ Interface එකක් එයි.

Fiverr v2 Account Dashboard
තාම ඔයාගේ Fiverr Account එක හැදුවා විතරයි, ඉතින් ඕකේ Gigs දාන්න කලින් කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඒ,
1. Fiverr Profile එකට හොඳ පින්තූරයක් දැමීම.
2. Fiverr Profile එකට About Description එකක් දැමීම.
3. ඔයාගේ Facebook Account එක Fiverr Account එකත් එක්ක Link කිරීම.
4. PayPal Account එක Associate කිරීම.
1. Fiverr Profile එකට හොඳ පින්තූරයක් දැමීම.

Fiverr v2 Account Settings Path
අලුත් Fiverr v2 Design එකේ Profile Image එක ටිකක් ලොකුයි, ඒත් හරියටම Image Size එක ගැන Fiverr Settings Page එකේ කියලා නැහැ. නමුත් ඔයාගේ Image Size එක වෙන්න ඕනා 250px*250px. එහෙම කියන්නේ Image Size එක Check කරලා බලලා. මේ Profile Image එකට මොනාහරි එකක් දාන්න එපා. ඔයා කරන්න ඉන්න වැඩේට සම්බන්ධ විදිහේ Image එකක් අලුතෙන්ම හදලා දාන්න.
Fiverr Editorsලා කැමතියි Fiverr Logo එක ඔයා නිතරම පාවිචිකරනවනම් ඒ නිසා ඔයාගේ Fiverr Profile Image එකට Fiverr එකේ Official Logo එකත් එකතුකරන්න.
වෙනත් තැන්වලින් මේ Fiverr Logo එක ගන්න ඕන නැහැ, එයාලගේ Press Kit එකෙන්ම Original Quality Logo එක ගොඩක් Formats & Sizes වලින් ගන්න පුලුවන්, ගිහිල්ලම බලන්නකෝ.
2. Fiverr Profile එකට About Description එකක් දැමීම.

Fiverr v2 Profile About Description
මෙතන ලියන්න ඕනේ ඔයා ගැන පුන්චි විස්තරයකුයි, ඔයා කරන්න ඉන්න Services මොනවද කියලා. මොනා කරන්නත් තියෙන්නේ අකුරු 300ක ඉඩක් විතරයි. දන්නවද… SEO වලින් මේක දිහා බැලුවොත් ඔයා මෙතන ලියන About Description එක තමයි ඔයාගේ Fiverr Account එකේ Meta Description එක, වෙනත් විදිහකින් කිව්වොත් Search Engine Result එකේ එන පුන්චි විස්තරය තමයි මේක.
ඔයා Search Optimized About Description එකක් ලියනවා නම් ඔය අකුරු 300, අකුරු 150ට අඩු වෙනවා. මොකද Google එකේ Meta Description එකට උපරිම ගන්නේ 160 නිසා. මේ වගේ තව SEO Tips තියෙනවා Fiverr එක්ක පාවිච්චි කරන්න පුලුවන්, ඒවා වෙනත් පෝස්ට් එකකින් තමයි කියන්න ඉන්නේ.
වචන වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්, කාලයක් අර Fiverr eBook එකේ තිබුන About Description එක හැමෝම දැම්මා, ඒ About Description එක දැන් නිකන් Rape වෙලා වගේ..!! ඔයා තාමත් ඒක නම් පාවිච්චි කරන්නේ දැන් ඒක ඔයාගේම ලස්සන About Description එකකට මාරු කරගන්න. ඔව් ඒ Description එක Nice Creative වැඩක්, නමුත් දැන් ඒක හැමෝම පාවිච්චි කරන සාමාන්‍ය දෙයක් වෙලා.
හැමෝම කරන දේ ඔයත් කරන එක කවදාවත් ‘Unique’ කියන වචනය ඇතුලට ගන්න බැහැ. ඒ වගේම Internet Marketing වල සාර්ථක වුන මිනිස්සු ඔක්කොම වගේ Unique Ideas ගැන හිතන්න පුලුවන් අය. ඉතින් ඔයා ටිකක් හිතන්න ඔයාට කොයි වගේ දෙයක් ලියන්න පුලුවන් වෙයිද කියලා. ඔයා සමහරවිට Internet Marketing දිහා Simple ඇහැකින් බලනවා ඇති, ඒත් මේක ඔහේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, හොඳ StartUp එකක් ගන්න නම් Unique විදිහට හිතන්න ඕනා. ඒ විදිහට හිතපු මිනිස්සු තමයි අද ලෝකෙම ආදරය කරන පට්ට Company නිර්මාණය කරලා තියෙන්නේ. ආයෙත් මේ පෝස්ට් එකේ පළවෙනි ජේදය කියවන්න…!
3. ඔයාගේ Facebook Account එක Fiverr Account එකත් එක්ක Link කිරීම.

Name, PayPal + Facebook Connect Page
මේක අලුත් Fiverr v2 වල ආපු අලුත් Feature එකක්. මේක කරන්න අනිවාර්ය නැහැ, කරන එකෙන් මොනාහරි Influence එකක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ.
4. PayPal Account එක Associate කිරීම.
ඔයාගේ Fiverr Earnings Withdraw කරන්න පුලුවන් PayPal Account එකකට, ඉතින් PayPal Email එක Fiverr Account Settings Page එකේ දාලා Save කරන්න. සමහරවිට ඔයා Payoneer Card or Fiverr Revenue Card එකට මේ මුදල් ගන්න කැමති ඇති. ඒත් Payoneer Card එකකට Withdraw කරන්න පුලුවන් වෙන්න නම් අඩුම තරමේ ඔයා Fiverr Level 1වත් වෙන්න ඕනා. ඔයාට මුදල් ගෙදරට ගන්න අවශ්‍ය නම් Fiverr Level 1 වෙලාම Withdraw කරන එක තමයි හොඳ.
හරි, දැන් මේ දේවල් ඔක්කොම කලාම Fiverr System එකේ ඔයාගේ Account එක Safe Zone වෙනවා. පහළ පින්තූරය බලන්නකෝ, ඒ තියෙන්නේ මේ දේවල් කලාම Fiverr Profile එකේ Completion Percentage එක පෙන්වන පින්තූරයක්. Fiverr Business එක පටන්ගන්න කොට Fiverr System එකට ඔයා Professional කියලා පෙන්වන්න ඕනා වගේම ඔයා එහෙම Fiverr System එකට පෙන්වනකොට Fiverr Visitorsලටත් නිකන්ම පේනවා.
කවුරුත් කැමති නෑ අහසින් පාත් වෙච්ච කෙනෙක් එක්ක එකපාර ගණුදෙනුවක් කරන්න. ඉතින් ඔයා ඇත්තම කෙනෙක්, ඔයා මේ දේවල් වලට දක්ෂ කෙනෙක් කියලා පෙන්වන්න ඕනා. Fiverr Profile Image එකයි, Fiverr Profile Description එකයි කියන දෙක Visitor කෙනෙක්ගේ විශ්වාසය ගන්න උදව් වෙනවා වගේම ඔය ඔක්කොම දේවල් Fiverr System එකේ විශ්වාසය ගන්න උදව් වෙනවා.
තව ගොඩක් දේවල් Fiverr Business ගැන කියන්න තියෙනවා, ඒවා ඉස්සරහට ලියන ලිපිවලින් කියවන්න පුලුවන්. තව දෙයක්, ඔයාට මොනාහරි විශේෂ දෙයක් Fiverr ගැන දැන ගන්න කැමතිද..? ඒක Comment එකකින් ලියන්න පුලුවන් නම් උත්තරයක් දෙන්න පුලුවන් වෙයි.
ඔයා අලුත් දෙයක් මේ Fiverr Ultimate Post එකෙන් ඉගෙනගත්තද..? එහෙනම් ඒක ගැන ඔයාගේ Facebook එකේ යාළුවෝ ඔක්කොටම කිව්වොත් මොකද? පෝස්ට් කියවන හැමෝම Share කරනවා කියන්නේ ඉක්මනින් තව High Quality පෝස්ට් ලියවෙනවා කියන එකයි..!
ඇත්තටම ගොඩාක් වටින ලිපි පෙළක්. තව තවත් මේ වගෙ වටින කියන දේවල් අපිත් එක්ක බෙදා හාදා ගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව..!
එ වගේම මචන්, පුළුවන්නම් අපිට හරියටම මේ මුදල් ටික අතට ගන්න පුලුවන් ක්‍රමයක් ගෙනත් කථා කරනවනම් ලොකු දෙයක්. Payoneer Card එකට Withdraw කරගන්න විදිය ගැන මුල ඉඳලම කියල දෙනවනම් ගොඩාක් පිං..!!
Payoneer Card එක ගැන නම් ගොඩක් දේවල් දැනටමත් කියලා තියෙන්නේ, Fiverr සල්ලි Withdraw කරන හැටිත් ලියන්නම්.
Thank You Wewa..!!! (Y)
Supiri Post ekak. Very simple widiyata liyala thiyenawa. Shyam yaluwa meke kiyala thiyena profile image eka ara api hadaganna image 3n 1kda? nethinam wenath image ekakda? mokada mama hithagena inne first image eka fiverr gena uparima vidiyata butter parak gala fiverr gena witharak hadanna. help me.
නැහැ, Profile Image එක අලුතෙන්ම හදන්න ඕන එකක්. ඒකේ වැඩි දෙයක් දාන්න ඉඩ නැහැ, මොකද 250px*250px Size වුනාට එක Public Profile එකේ පෙන්වන්නේ 180px*180px Resize එකට.
හොඳ ලිපියක්, දිගටම ලියන්න, ඉක්මනට post දානවානම් ගොඩාක් හොඳයි අයියා!
Honda wadak karana ekata godak thanks machan. mama kalin ewatath comments damma.ewata reply kalata thanks. thawa thiyenawa danaganna dewal. mage gig walata votes ne.”No rated yet” kiyala thiyenne.mama wena com 1kin wena account 1k hadala baluwa.ehema wenne kawruth gig dakinne ne kiyana 1da? mama kohomath gig tika edit karanna hithan inne. Ethakota mage votes nathiwenawada gig 1 edit kalata passe? api hadana videos,photos walata, fiverr logo 1 add kalata podi awasiyakwath wenne nadda?
me tikatath hepl karanna yaluwa. Thank you.
Jaya wewa,….!!!
Not Rated Yet කියන්නේ ඔයාගේ Gig එක Buy කරපු කවුරුවත් Positive/Negative Rated Feedback එකක් දුන්නේ නැති වුනාම. ඔයාට කරන්න තියෙන්නේ ගන්න අයට කියලා කොහොමහරි Feedback එකක් දාගන්න එක.
Fiverr කැමතියි එයාලගේ Usersලම Fiverr.com එක Promote කරනවට. ඉතින් Fiverr Logo එක පාවිච්චිකරන එකේ කිසිම අවාසියක් නැහැ.
Thanks brother …..
Thanks Bro,
this is a grate helpful article who work in fiverr.
hemadamath kiyanne hodai kiyalane search list1ta ganna widiyak kiyanwada? Ape kastiyata oni num adu ganata gigs karala denath puluwan
හැමදාම වගේ හොඳ post එකක්. ජය වේවා !
machan order 1k awama mulinma mokada karanna ona.mata requirements ewala thiyenawa. podi login web page 1k hadanna. mama hadala deliver karannada?client chat 1ta set wenne ne wage…
ඔයාට වැඩේ පටන්ගන්න ඔක්කොම දේවල් තියෙනවද? ඒ වගේම එයා එවලා තියෙන Details එක්ක එයාට තිතටම ඔයා කරන්නේ මොකක්ද කියලා Idea එකක් තියෙනවද? දෙකම හරි නම් වැඩේ කරලා යවන්න කෙලින්ම ‘Deliver Your Order’ එකෙන්.
උපරිම විදිහට(අපේ තත්වේ පහළ දාලා අයදින්න නම් නෙමෙයි.) හොඳින් කතා කරන්න. මොකද සමහර අයට පොඩ්ඩ ඇත්නම් තද වෙනවා. ඒ නිසා Professional කියන තැන ඉඳගෙන Polite විදිහට කතාකරන්න.
Good Luck!
Shyam.
thanks machan. thawama reply ne. mama ehema karala yawala wadak weida? me mege 1st work 1. confirm nowi karala eya eka piliniwida?mage feedback aduweida?
කලින් කිව්ව විදිහට දෙකම හරි නම් වැඩේ පටන්ගන්න, නැත්නම් කොහොමහරි එයාව Contact කරගන්න බලන්න.
machan mage mama kalin kiyapu order 1 late wela thiyenne dan.dan time iwarawela 8hours wage wenawa. client set una.mama kiwwa reuirements madi kiyala web page 1 complete karanna. mama dan mokada karanne. me order mama mage account 1ta problem 1k nowena widiyata cancel karanna puluwanda? mata kiyala denna. loku udawwak.
අයියෝ ඉසුරු, පළවෙනි Order එකම Late වුනාම ඔයාට පාඩුයි. තාමත් කරන්න අවශ්‍ය කරන දේවල් Buyer එව්වේ නැද්ද? ඔයාට Mutual Cancellation එකක් දාලා Cancel කරන්න පුලුවන් ඒත් එකත් ඔයාගේ අවාසියට එන්නේ එතකොට.
දැන් ඉතින් මොනා කරන්නද? පුලුවන් නම් Try කරලා Order එක Complete කරන්න බලන්න, බැරිම නම් CS එකට කතාකරලා කියන්න මට අවශ්‍ය කරන දේවල් එව්වේ නැහැ හරියට. ඒක නිසා වැඩේ කරන්න බැහැ, මේක Cancel කරන්න නැත්නම් මට අවශ්‍යකරන දේවල් හරියට එවන්න කියන්න කියලා.
ඔයාගේ Gig Description එකේ, Instructions වල පැහැදිලිවම තියෙනවද ඔයාට මොනව්ද ඕනා, ඔයා මොනවද කරන්නේ කියලා. එහෙම පැහැදිලිවම නැත්නම් එතන තමයි මුලින්ම වැරදුනේ.
mara case 1. Gig Description 1 mama damme requirements one kiyala withrai.mama eka damme gig 1 create karana kotamai.Gig Description 1 passe dannath puluwanda? e para buyer link 1k ewala thibuna. but idea 1k ganna amarui.passe ewwe wenamama site 1k. mokak karannada kiyala.company name 1k ne. images monawage ewwada kiyala ne. dan mata web page 1k ewala thiyene 1 wage hadanna puluwan eth therumak ne. mage account 1ta orders ena 1k nadda adin passe? CS 1ta kathakalama kisima paduwak nadda mata?
Clientට ඉල්ලන්නේ අර Design එකේම කොපියක් එයාගේ ඒවා දාලා,එහෙම නේද? එහෙම කරලා කොහොමහරි Order Complete කරන්න. ඔයාගේ අතේ තමයි දැන් අඩුපාඩු තියෙන්නේ. ඒවත් හදාගන්න, නැත්නම් දිගටම ඔය වගේ අවුල් යයි.
Shyam yaluwa mama gig ekak dannai lesthi wenne. oyage post wala thiyena dewaluth ekka country eka widiyata USA or UK widiyata thamai hadanna hithagena inne. oyata weda nisa ithiri post danna time ekak nethiwa ethi. oya mata kiyanawada fiverr account eka hadanna pera thawa denaganna ona important dewal monawada kiyala. mokada samahara dewal passe change karanna bene. oya reply kalata passe thamai mama gig eka danne. reply soon please.
ආහ්.. ඔව් පෝස්ට් වල තියෙන දේවල් ඒ විදිහටම කරන්න බලන්න. Fiverr Account එක හදන්න කලින් නම් වෙන කියන්න දෙයක් නැහැ, දැන් කියන්න තියෙන්නේ Gig Promotion Strategies ගැන තමයි, ඒක පෝස්ට් එකෙන්ම දාන්නම් මොකද ලොකු ලිස්ට් එකක් තියෙනවා.
Yaluwa api facebook profile eka connect kaloth ethanadi country eka Sri Lanka kiyala mattu weida? help
ඔව් Facebook Account එක Sri Lanka එකක් නම් අහුවෙනවා, මොකද Customer Support එක තමයි Profile එක පාවිච්චි කරන්නේ, ඒ නිසා Connect කරනවා නම් Fiverr Account එක තියෙන රටේ Facebook Account එකක් හදන්න.
Shyam yaluwa mama yesterday mage first gig eka demma. Business – Financial consulting – New eke udama thiyenawa. User name eka Fineaccountant9. Oya gihin balala hondada kiyala kiyanawada. please.
ගොඩක් දේවල් හොඳට කරලා තියෙනවා. ඒත් Profile Description එකයි, Gig Description එකයි අවුල්. Profile Description එක තව ටිකක් Interesting විදිහට දාන්න.
Gig Description එකට තව හොන්දට Formatting දාන්න. එක ගොඩේ දැම්මම ටිකක් කියවන්න අමාරුයි. පින්තූර නම් ගොඩක් හොඳයි.
ෂ්‍යාම් මම fiverr account එකක් හදනවා.එක USA විදියට හදන්නේ.ඒක මේ fb account එකට ලින්ක් කලොත් අවුලක් යයිද?
https://www.facebook.com/mattfellix8
මේක මම phone verify කලේ dialog number එකකින්.
Facebook Account එකේ Country එකයි නමයි හරිනම් අවුලක් නැහැ.
තරහ නැතුව පොඩ්ඩක් බලන්නකෝ.ලින්ක් එක දැම්ම
mata thama hariyata therum ganna amarui.meka mukuth nodanna kenekta karanna amaru wedak neda,accunt eka nam hdagann puluwan we eath
Hamadeyakma amaru venne oya nodana inna takkal vitaray. Baya venne natuva tikak Fiverr gana kiyavanna, site eke poddak surf karanna. Oyata interface eka allaganna, work karanna amaru venne na. Good Luck!
Hello Shyam,
mata dana ganne one ape sales wale tiyene buyers requests kiyala tiuebewa aken monawa karanne puluwandhe?
i wait for your reply..
Mohamed
Buyer Requests kiyanne Buyerta karaganna avashya vade. Oyata etana penvana deyak karanna puluvan nam ekata Apply karanna. Den Fiverr V2 system eken galapena Gigs valata vitaray yavanna puluvan.