අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් කියන එක තව දුරටත් රහසක් නෙවෙයි, ඒ නිසාම අන්තර්ජාලය නිතරම වගේ Use කරන අය මේක ගැන විස්තර හොයනවා විවිධ විදිහට.
කෙනෙක් eMoney කියලා, තවත් කෙනෙක් Online Jobs in Sri Lanka කියලා වගේ එක් එක් නම්වලින් අන්තර්ජාල අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා හොයනවා.
ඔය විදිහට ආරම්භ වෙන Research එක දිගටම ගිහිල්ලා මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි තැනට එනවා, එක්කෝ තෝරගත්තු එක කරන හැටි හරියටම හොයාගන්න බැරිවෙනවා.
මෙහෙම සිද්ධියක් ඔයාටත් වෙලා තියෙනවද?
ඔව්, මම එහෙම හිතනවා. ඒත් දැන් ඒක වෙනස් කරන්න වෙලාව ඇවිල්ලා. ඔයා Fiverr Sinhalen දැනගන්න ඕන නිසයි අද මේ Site එකට ආවේ?
මම හරිද?
හා, අද ඒ දවස ඇවිල්ල තියෙනවා. අද ඔයාට පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් එක ක්‍රමයක්, එහෙමත් නැත්නම් Freelance With Fiverr ගැන ගැඹුරින් ඉගෙනගන්න.
Aw! What’s That FUPS?
FUPS කියන්නේ 2013 දී මම විසින් ලියපු Fiverr Ultimate Posts Series එකටයි. අවුරුදු 3ක් ඇතුලත FUPS එක නිසා සාර්ථක Fiverr Business එකක් ගොඩනගා ගත්ත අය විශාල ප්‍රමාණයක් ඉන්නවා.
ඉතින් අද ඔයාටත් ඒ අය අතරට එකතුවෙන්න වටිනා අවස්ථාවක් නොමිලේම ලැබිලා තියෙනවා.
සමහර විට ඔයා මීට කළින් Fiverr ගැන අහලා නැතුව ඇති, නැත්නම් යාළුවෙක් කිව්ව නිසා ටිකක් Google Search කළා වෙන්න පුළුවන්, ඒ නිසා ඔයාට ප්‍රෂ්ණයක් ඇති Fiverr කියන්නේ මොකක්ද කියලා.
මේකට උත්තරය FUPS එකේ හොඳින් පැහැදිලි කරලා තියෙනවා, ඒත් මම Heads Up එකක් විදිහට කෙටියෙන් කියන්නම්.
Fiverr කියන්නේ අවම $5ට ඕනෑම සේවාවක් හෝ භාණ්ඩයක් විකුණන්න ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබාදෙන අන්තර්ජාල වෙළඳපොළක්.
ඉතින් මේ වෙළඳපොළ භාවිතාකරලා තමයි ඔයා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හදන්නේ. ලංකාවේ ගොඩක් අය තමන්ගේ Living Income එක පවා උපයගන්න පුළුවන් අන්දමේ Fiverr Business ගොඩනගාගෙන තියෙනවා, වෙනත් විදිහකින් කිව්වොත් මාසෙකට 100K වලට වඩා හොයන අය ඉන්නවා, මමත් ඇතුළුව. (Watch the video)
අන්න ඒ වගේ Fiverr Business එකක් පටන්ගන්න FUPS එකේ මේ Fiverr Sinhala Lessons ටික ඔයාට විශාල පිටුවහලක් වෙයි. තවත් දෙයක් තමයි, ගොඩක් අය හැමදේකම Loopholes හොයනවා වැඩි මහන්සියක් නැතුව ඉක්මනින් සාර්ථකවෙන්න, ඒත් එහෙම Fiverr Tricks FUPS එකේ නැහැ.
මහන්සිවෙලා, කැපවීමෙන් සාර්ථකවෙන තාක්කල් වැඩකරන්න පුළුවන් නම්, ඔයාට අනිවා දිනන්න පුළුවන්.
Okay, Show Me Those Fiverr Sinhalen Lessons …
Fiverr Ultimate Posts Series (FUPS) එකේ ඔක්කොම Articles 11ක් තියෙනවා, ඒවයින් 2ක් Fiverr TOS එක වගේම Fiverr Privacy Policy Pages වල සිංහළ Translations වෙනවා.
FUPS එක ඔයා සම්පූර්ණයෙන් පරිහරණය කළොත්, සාර්ථකව Fiverr Business එකක් පටන්ගන්න හැටි පැහැදිලි, නියම අවබෝධයක් ලැබෙනවා.
සාර්ථකත්වය ස්ථාන 2ක් අතර තියෙන Straight Line එකක් නම්, ඒ Line එක තුල මහන්සිවෙලා වැඩකරන එක, කැපවීම වගේම අත් නොහරින උත්සහය කියන දේවල් කිහිපය තියෙනවා. ඉතින් ඒ Weapons ටිකත් අරගෙන වැඩේට බහින්න!!
1. What To Sell?
අළුතෙන් පටන්ගන්න කෙනෙකුට “ඔයා ඒක අත ඇරලා Fiverr කරන්න” කියලා කිව්වොත්, නිතරම ලැබෙන උත්තරයක් තමයි, “මම මොනවා විකුණන්නද අප්පා?” 😉
ඉතින් එක පාරටම හිතාගන්න බැරි ඒ දේ මොකක්ද කියලා Fiverr Sinhalen Posts Series එකේ පළවෙනි Article එකෙන් කතා කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි, පහළ දේවල් ඇතුළුව තවත් බොහෝ දේ ඔයාට මේකෙන් දැනගන්න පුළුවන්.
– Fiverr කියන්නේ මොකක්ද
– Fiverr වල ඇති වාසි
– මගේ Fiverr Income Reports
→ https://www.slmarketer.com/freelance-career-with-fiverr/
2. Hot & Cold Gig Ideas
Fiverr වල විකුණන්න තියෙන Potential එක අසීමිතයි, ඒ කිව්වේ ඔයාට කැමති ඕනම දෙයක් අවම $5 මුදලට ලබාදෙන්න පුළුවන්, එයින් ලැබෙන ආදායම අසීමිතයි, එයට තිබෙන Demand එක අනුව.
ඒත් ඒක කරන්න නම් ඔයාට Ideas ඕනා, නිකන්ම නිකන් Ideas නෙවෙයි, නියම Gig Ideas ඕනා. ඔයාගේ යාළුවා මේවා කරනවා, ඒ නිසා ඔයත් ඒවම කරන ඕනා කියන දේ, මෙතනදි FUPS එකෙන් දෙන්නේ නෑ.
මොකද සාර්ථක Online Business එකක් කරන්න නම් තෝරගන්න දේ Long-term විදිහට ආසාවෙන් කරන්න හැකියාවක් තියෙන්න ඕනා. ඒ නිසා Hot & Cold Gig Ideas හොයාගන්න System එකක් දෙවනි Article එකේදි ඔයාට ඉගෙනගන්න පුළුවන් පහළ දේවල්ද ඇතුළුව.
– Fiverr Language
– Brainstorming Gig Ideas
– Gig Filtering Formula
→ https://www.slmarketer.com/brainstorming-fiverr-gig-ideas/
3. Let’s Learn Rules
ඔයාගේ ගමේ තියෙන පොළේදි පාර අයිනේ මිසක් පාර මැද්දේ බඩු විකුණන්නේ නෑනේ? එතකොට Shopping Complex එකක කඩයක් Rent එකට අරගන්නේ නැතුව කොහේ හරි තැනක බඩුටික තියාගෙන විකුණන්න අවසර ලැබෙන්නේ නෑනේ?
ඒක නිසා තැනට ගැළපෙන විදිහට අදාල විදිහට Rules දැනගෙන වැඩ කරන එක Long-term Fiverr Business එකකට ලොකු රුකුලක්වෙනවා.
Fiverr Marketplace එකේ Seller කෙනෙක් විදිහට ඔයා දැනගත යුතු හැම නීතියක්ම වගේ දැනගන්න පුළුවන් Terms of Service හා Privacy Policy යන Pages වලින්. ඒ Pages 2කේ Sinhala Translation එකක් FUPS එකේ 3 හා 4 Articles වලින් කියවන්න පුළුවන්.
→ https://www.slmarketer.com/fiverr-privacy-policy-sinhalen/
→ https://www.slmarketer.com/fiverr-terms-of-service-sinhala/
ඔය Pages ටික කියවලා Rules කැඩෙන විදිහේ Gig Ideas තියෙනවා නම් අයින් කරන එක හොඳයි.
4. Fiverr Gig Optimization
Ah-Ha Moment එකක් ඕනම කෙනෙකුට එන්න පුළුවන්, ඒ කිව්වේ නියම Ideas එන්න පුළුවන්. ඒත් ඒ Ideas ක්‍රියාත්මක වෙන විදිහ අනුවයි සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
එහෙනම් Execution එක අතිශය වැදගත් දෙයක්.
ඒ වගේම තමයි ඔයාට එන Idea එකම තවත් කෙනෙකුට එන්න පුළුවන්, ඉතින් ඉක්මනින්ම Execute එක කරන එකත් වැදගත්. හැබැයි ඉක්මන නිසා Execution එකේ Quality එක අඩු වුනොත් සාර්ථක වීමේ හැකියාව අඩුවෙනවා.
අන්න ඒ නිසා තමයි FUPS එකේදි ඔයා අවසානයට තෝරගන්න Gig Ideas වලට Sales ලැබෙන විදිහට Fiverr Gig Optimization එකක් කරන්න ඕනා. කොහොමද කියලා දැනගන්න FUPS එකේ 5 වෙනි Article එක කියවන්න වෙනවා …
– Gig Conversion Factors
– Killer Gig Text WriteUP
– Too Awesome Gig Media
→ https://www.slmarketer.com/killer-fiverr-gig-creation/
5. How About Fine-tuned Profile?
Sales Pages විතරක් Optimize කරාට උපරිම සාර්ථකත්වයක් ලබාගන්න බැහැ. ඔයා Publish කරන හැම Fiverr Gig එකක්ම ඔයාගේ Sales Pages වෙනවා, ඒත් ඒ හැම Sales Page එකක්ම Host කරන්නේ ඔයාගේ Fiverr Profile එකෙන්.
මේ හේතුව නිසාම Fiverr Profile එක මැදලා, පිහදාලා Fine Tune කරලා ගන්න ඕනා. ඒක කරන හැටි 6වෙනි Article එකේදි කියවන්න පුළුවන්. දැන් Fiverr 2013ට වඩා ගොඩක් දියුණුවෙලා වගේම Profile එක Optimize කරන්න හැකි දේවල්ද වැඩිවෙලා තියෙනවා.
– Story of Fiverr
– Fiverr Account Setup
– Basic Profile Optimization
→ https://www.slmarketer.com/fiverr-v2-design-walkthrough/
6. Maximum Benefit Itch
Fiverr Business එක දියුණු කරගන්න උදව්දෙන Tools & Features ඒගොල්ලොම ලබාදීලා තියෙනවා. මේ දේවල් නිවැරදි විදිහට Use කළොත් ඔයාට සාර්ථක කාලවලදි තවත් ඉහළට යන්න වගේම අසාර්ථක කාලයකදි Survive වෙන්න ලොකු Support එකක් ගන්න පුළුවන්.
ගොඩක් අය මේ Tools & Features දිහා බලන්නෙවත් නැහැ නොදන්නකම නිසා, ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා.
– Fiverr Tools & Features
– Explanation & How To Use
– Offer Template
→ https://www.slmarketer.com/fiverr-v2-features/
7. Launching The Rocket
Fiverr Ultimate Posts Series එකේ 8වෙනි Article එක ගොඩක් දුරට Fiverr Sinhala Tutorial එකක් වගේ, මොකද මේකේ ප්‍රධානවම තියෙන්නේ Fiverr Gig එකක් හදලා Publish කරන හැටි.
එහෙමත් නැත්නම් ඔයාගේ Gig Business එක Launch කරන හැටි. කලින් Fiverr Lessons වලට අනුව හදාගන්න Gig එකක් Publish කරන හැටි පුංචි Tips එක්ක මේකෙන් ඉගෙනගන්න හැකියාව තියෙනවා.
– Fiverr Gig Creation
– Gig Setup Tips
– Heavy Revenues Earned Doing 1 Thing
→ https://www.slmarketer.com/fiverr-gig-creation/
8. Oh! OnSite Fiverr Promotion
Fiverr කියන්නේ ඉතා විශාල Marketplace එකක්, මේ නිසා ගොඩක් දේවල් System එකක් අනුව Automate වෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඔව් ඒක හරියට Job එකක් ගන්න හොඳ Results ඕන වගේ වැඩක් – අවශ්‍ය දේ තියෙනවනම් ලැබෙනවා.
මේ විදිහට Automate වෙන දෙයක් තමයි OnSite Fiverr Promotion කියන්නේ. සරලව කිව්වොත් මේ කියන Tasks #10 කළොත් ඔයාට දිගටම Sales එන්න තියෙන හැකියාව ගොඩක් වැඩිවෙනවා.
දැනගන්න කැමතිද ඒ මොනවද කියලා? එහෙනම් කියවන්න FUPS එකේ 9වෙනි Article එක.
→ https://www.slmarketer.com/effective-fiverr-promotion/
9. Give Me Some Nitro
දැන් තත්පර කිහිපයකට කලින් ඔයා දැනගත්තා Fiverr System එක ගැන. අන්න ඒ වගේම System එකක් තමයි SEO කියන්නේ. ඔයාගේ Fiverr Sales වලට ලොකු වර්ධනයක් අරගෙන එන්න SEO වලට පුළුවන්.
9වෙනි Article එකේ කිව්ව Tasks #10 Normal නම්, දැන් ඉගෙනගන්න හදන SEO Strategies ටික තමයි ඔයාගේ Fiverr Business එකේ Nitro වෙන්නේ!
– Keyword Selection
– SEO Signals
→ https://www.slmarketer.com/fiverr-seo-strategies/
10. Okay, Use That Digital Mouth
සන්නිවේදනය කියන දේ ජීවත්වෙන්න ගොඩක් උපකාරවන දෙයක්. ඒක Online Marketing වලදිත් එහෙමම තමයි. ඔයා කෙනෙක් එක්ක කතා කරනවා වගේ Communicate කරන කොට අනිත් කෙනත් ආසාවෙන් ඔයත් එක්ක Communicate කරනවා.
අන්න ඒ වගේ Fiverr Messages වලින් ලබාගන්න හැකි Sales ප්‍රමාණය වර්ධනය කරගන්න Perfect Communication එකක් මගින් පුළුවන් වෙනවා.
කොහොමද ඒ විදිහේ Perfect Communication එකක් දෙන්නේ කියන එක ගැන FUPS එකේ අවසාන වගේම 11වෙනි Article එකේදි ඔයාට දැනගන්න පුළුවන්.
– Why Perfect Communication
– 5 Communication Tips
– My Own Revenue Results
→ https://www.slmarketer.com/perfect-communication-fiverr/
Oops … Is That It?
ඇයි තවත් දේවල් ඕනද? හාහා! FUPS එකේ තියෙන Articles 11 කියෙව්වම Fiverr පටන්ගන්න හැටි හොඳ දැනුමක් ඔයාට ලැබෙනවා, නමුත් Fiverr Business එකක් පවත්වගෙන යන්න ඒ දැනුම මදිවෙන්න පුළුවන්.
එහෙම නේද?
ඉතින් තවත් දේ Fiverr ගැන දැනගන්න කැමති නම් පහළින් මාත් එක්ක එකතුවෙන්න.
ඒ වගේම ඔයාගේ යාළුවෝ එක්ක Fiverr Sinhalen FUPS එක බෙදාගන්න.
කවුද දන්නේ ඔයාගේ Feedback එක, Support එක නිසා තවත් Article එකක් Fiverr Ultimate Posts Series එකට ලියවෙයිද කියලා. නේද? 🎃