ඔයාට මතකද කලින් පෝස්ට් එකක Gig Ideas Brainstorm කරලා අන්තිමට එන Filtered Quality Gig Ideas වලට අවශ්‍ය දේවල් හදාගන්න කියලා? ඔයා තාමත් ඒ Steps කරලා නැත්නම් ඒවා ටික කරලා මේක කියවන්න. මොකද මේ පෝස්ට් එකෙන් කියන්නේ කොහොමද Fiverr System එකට Note වෙන Gig එකක් Publish කරන්නේ කියලා.
ඔයා කලින් පෝස්ට් වල තිබුන විදිහට වැඩ කරානම් දැන් ඔයාට පහළ තියෙන අත්‍යවශ්‍ය දේවල් තියෙන්න ඕනා. ඔයාගේ Fiverr Business එකේ Gigs කීයක් දානවද කියලා අන්තිමට ආපු Gig Ideas වලින් දන්නවා ඇතිනේ. ඒ හැම Gig Idea එකකටම මේ දේවල් දැන් ලෑස්තිකරගන්න කාලය ඇති කියලා හිතනවා – ටික කාලයක් බ්ලොග් එක ලිව්වෙත් නෑනේ!
1. Gig Title.
2. Gig Images(3).
3. Gig Description.
4. Tags.
5. Buyer Instructions.
6. Gig Video.
Fiverr Gig Creation
දැන් ඒ හදපු දේවල් ටික අරගෙන Fiverr Gig එක හදන්න ලෑස්තිවෙන්න. මුලින්ම Fiverr.com ගිහින් Username & Password ගහලා Login වෙන්න. ඊට පස්සේ උඩම කොනේ ‘Sales’ කියන එක Click කරලා දකුණු පැත්තේ Sidebar එකේ කොළ පාටින් Highlight කරලා තියෙන ‘Create Gig’ කියන එක Click කරන්න. එතකොට Fiverr Gig Creation Page එක Open වෙයි.
දැන් තියෙන්නේ කලින් ලියලා තියාගත්තු Title, Description ටික Paste කරගෙන යන්න තමයි.
Fiverr Gig Title එක නිතරම වගේ ‘Just Perfect’ කියන Green Message එකේ තියාගන්න බලන්න, මොකද Fiverr System එක ඒකට කැමතියි.
ඊටපස්සේ ඔයා Gig එකෙන් දෙන්න ඉන්න Service එකට හොඳටම ගැළපෙන Category එකයි, Sub-Category එකයි තෝරන්න.
ඔයාට මං කිව්ව විදිහට ඒ Tips පිළිපැදලා ලස්සන Gig Images 3ක් මේ වෙනකොට ඇති කියලා හිතනවා. ඔයාටම මේ Gig Images 3 අලුතෙන්ම හදන්න කිව්වේ එතකොට Copyright Ownership එක තියෙන්නේ ඔයාට නිසා. පේනවනේ Gig Images Select කරන්න තියන තැනම ආයෙත් Reminder එකක් දාලා තියෙනවා. ඔයා හිතනවට වඩා Copyright, Intellectual Property Rights කියන දේවල් බරපතලයි.
ඔන්න දැන් තමයි වැදගත්ම තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට කලින් ලිපියේ මං Gig Description එක ලියන්න Layout එකක් දුන්නා, ඔය පින්තූරයේ තියෙන්නේ අලුත් Layout එක කැමතිනම් ඒ විදිහට Gig Description එක වෙනස් කරගන්න මොකද මේක කලින් එකට වඩා ආකර්ශණීයයි. Online Marketing වලදී Product or Service Description එකට Sales Pitch කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ Gig Description එක තමයි Sales Pitch එක වෙන්නේ.
හරි දැන් තියෙන්නේ කලින් ලියලා තියාගත්ත Tags ටික Paste කරන්නයි. මතක තියාගන්න හොඳටම ගැළපෙන Tags 5ක් තෝරගෙන මෙතනට දාන්න, ඒක ඔයාට ලැබෙන OnSite Fiverr Promotion එකට බලපානවා.
ඔයාට වැඩේ ඉවර කරන්න යන කාලයත් එක්ක බලලා තමයි Delivery Date එක දාන්න ඕන. ඉක්මනින් Deliver කරන Gigs වලට වැඩියෙන් Sales එනවා කියලා හිතලා අඩු කාලයක් දාන්න එපා. මොකද Delivery Date එක පයිනවා කියන්නේ Fiverr එකෙන් ඔයාගේ Gigs වලට ලැබෙන Promotion එක හොඳටම අඩුවෙනවා.
අන්තිමටම තියෙන්නේ Buyer Instructions ටික ලියන්න, කලින් ලියාගත්තු Instructions ටික මෙතන ඔය පින්තූරයේ තියන විදිහට ඒවත් එකතු කරලා දාන්න. Gig එකට Payment එකක් කරපු ගමන් එයා ඔයාගේ Customer කෙනෙක් වෙනවා, ඔයා කොයිතරම් Professionalද, කොච්චර හොඳට Communication එක ගැන හිතනවද වගේම හොර බොරු නැති කෙනෙක්ද කියලා අදහසක් දෙන්න හොඳම අවස්ථාව තමයි Buyer Instructions කියන්නේ.
මොකද Gig එක Purchase කරපු ගමන් Customer ඔයාගෙන් දකින එකම වචන ටික Buyer Instructions ටිකයි.
ඔය පින්තූරයේ තියන එක කියෙව්වම Customerට ඔයා ගැන හොඳ පැහැදීමක් ඇතිවෙනවා. ඒ වගේම එයා අහන ඕනම ප්‍රශ්ණයකට හොඳට උත්තර දෙන්න. එයාට පෙන්වන්න ඔයා සේවය දෙන Industry එකේ Expert කෙනෙක් කියලා.
මේ Perfect Communication එකක තියන වැදගත්කම වෙනම ලිපියකින් මං කියන්නම් මොකද මට ආපු එක පුන්චි Message එකකට වචන 800 විතර විස්තරයක් එක්ක මං ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා කිව්වම කෙනෙක් මගේ Customer වුනා. නිකමට Guess කරන්න එයාගෙන් මං කොච්චර Profit එකක් Earn කරාද කියලා…?
$524 හෙව්වා .
ඒත් තාමත් එයා මගේ Customer කෙනෙක්. මේ ගැන ලියන පෝස්ට් එකේ Screenshots එක්කම දාන්නම් එතකොට ඔයාට කම්මැලි නැතුව දිග Message එකක් ලියන්න Strong Motivation එකක් එයි!
හරි දැන් ඔක්කොම කරලා ඉවරවුනාම ‘Save & Continue’ Click කරන්න ඊට පස්සේ එන්නේ Gig Video එක දාන්න. ඔයා හදපු Gig Video එක Select කරලා ආයෙත් ‘Save & Continue’ Click කරන්න. ඔයාගේ Gig එකෙන් Physical Product එකක් Sell කරන්නේ නැති නිසා Shipping Charges Skip කරන්න. අන්තිමටම තියෙන්නේ Gig එක Publish කරන්න.
ඔයාගේ Live Fiverr Gig එකට ගිහින් එතනින් Gig එක Facebook එකෙයි, Twitter වලයි Share කරන්න. ඔයාට Pinterest, Google+ එහෙමත් තියෙනවානම් ඒවා වලත් Share කරන්න. එතකොට Fiverr System එකට Note වෙනවා ඔයා OffSite Self-Promotion කරනවා කියලා ඒක ඔයාගේ Sales වලට කෙලින්ම බලපානවා.
ඔයා මොකද හිතන්නේ Fiverr Gigs වලට Self-Promotion එකක් දෙනවා කියන එකෙන් Sales වලට බලපෑමක් තියෙනවද නැද්ද? නැත්නම් ඔයා දැනටමත් ඔයාගේ Gigs Promote කරනවද?
Geeth says
මම නම් හිතන්නේ Fiverr Gigs වලට Self-Promotion එකක් අනිවාර්යයෙන් දෙන්න ඕන කියල. හොඳ පොස්ට් එකක්.
Geeth says
මොකක්ද අර Fiverr Gig Creation Description එකේ Recommended Gigs යටතේ ලියල තියෙන්නේ ?
ෂ්‍යාම් චතුරංග says
එතන දාන්න පුලුවන් ඔයාගේ අනිත් Gig වලට Links. හිතන්නකෝ ඔයාගේ Gig එක Logo Design එකක් කියලා Recommended Gigs වලට දාන්න පුලුවන් Banner Design Gig එකකුයි Flyer Design Gig එකකුයි.
Geeth says
තේරුණා. Thanks.
sadeepa says
මම ගාව E mail List එකක් තියනවා .එක fiverr වල විකුනන්න පුලුවන්ද?
ෂ්‍යාම් චතුරංග says
පුලුවන්! ඒත් Email List එකක් විකුණන එක Illegal වැඩක්. ඒ නිසා කවදා Deny වෙයිද දන්නේ නෑ.
sadeepa says
ඊ මේල් ටික විකුනන්න මට පොඩ්ඩක් උදව් කරන්න බැරිද?
chithaka says
I really want to know about how to withdraw money from the fiverrr revenue card? Please I want to this ASAP
ෂ්‍යාම් චතුරංග says
Payoneer Card එකක් තියෙනවනම් ඒක Fiverr Account එකට Link කරගන්න ඕනා. මේක ගැන Post එකක් ළඟදීම Publish වෙයි.
udayanga says
gig video ekak hadanna hoda oftwere ekak kiannako
ෂ්‍යාම් චතුරංග says
Camtasia by TechSmith
Dileepa says
Mama gig eka haduwata passe mehema watenawa. Ai e?
(Title contains illegal characters)
ෂ්‍යාම් චතුරංග says
ඔව්! දැන් ඉස්සර වගේ Unicode Characters & සමහර Characters ගහන්න බැහැ. eg: – , / →
sulaksahan says
br Tags kiyanne monawada…kohomada ewa liyanna one…mata e gana poddak kiyanawada…
ෂ්‍යාම් චතුරංග says
Tags කියන්නේ Gigs Search කරනකොට එක විදිහකින් අහුවෙන්න බලපාන වචන. Tags ගැන විස්තර ඇති පෝස්ට් වල. ඒවගේම Tags වලට Keywords කියලත් කියන්න පුලුවන්
Channa says
Ela ELa ELA .. Thanks Machan!!!!