ඔබ මේ ශේස්ත්රයට ආදුනිකයෙක් නම්, ඔබ මේ ශේස්ත්‍රය ගැන ලොකු දැනුමක් නැතිනම්, ඔබට මේ ප්‍රශ්ණය තිබෙන්න පුලුවන්. කෙටියෙන්ම මේ ප්‍රශ්ණයට උත්තර දුන්නොත් උත්තරේ තමයි “ඔව්” කියන එක. ඒත් ඔයා මේ ශේස්ත්‍රය ගැන නොදන්නවා නම් මම ඔව් කිව්ව හැටියේ පිළිගන්නේ නැති වෙයි. ඒ හින්දා මේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක මේ ප්‍රශ්නෙට ඔව් කියන උත්තරය ලැබෙන්නේ කොහොමද කියලා පටන් ගන්නම්.
අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කිව්වම ගොඩක් දෙනාගේ මතය වෙන්නේ නොමිලේ, කිසිම දෙයක් කරන්නේ නැතුව, නිකන් ඉඳන් හොයන්න පුළුවන් කියලා. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. ඒ අදහස නිසාම මේක වැඩක් නැති ශේස්ත්රයක් කියලා සමාජයට යන්නත් පුලුවන්. මේක හරියට කරන කෙනෙක්ට විතරයි මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ. ඒ වගේම තවත් සමහර අය හිතන්නේ PTC or Bux වලට වඩා සාර්ථක දෙයක් මේ ලොකේ නැහැයි කියලා. මේ අය හින්දා අලුතෙන් එන අයත්, ඒ අදහසෙම ඉඳගෙන කාලය නාස්ති කරනවා.
අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ ව්‍යාපාරයක් කරනවා වගේ. මේ අදහස නැති අය ඒකයි මේ වැඩේ ටික කාලයක් උත්සහා කරලා අත්හරින්නේ. ඒ වගේම ව්‍යාපාරික මොලයක් තියෙනවනම් මේ වැඩේට තවත් හොදයි. මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කියන්නේ මං හොයළා තියෙන හින්දා, ඒ වගේම තව ලංකාවේ අය හොයළා තියෙන හින්දා, ඒ වගේම වෙනත් රටවල මිනිස්සුත් හොයළා තියෙන නිසයි.
මං මුලින්ම මේ වැඩේ කරන්න පටන් ගත්තේ 2008 අවුරුද්දේ, ඒ අපේ අයියා මේක ගැන කියපු දවස් වල. එදා මං පටන් ගත්තේ PTC වලින්, හැබැයි මුල්ම එක Scam එකක් උනා. ඒ කියන්නේ සල්ලි නොගෙවන Program එකක් උනා. ඒත් අතහැරියේ නෑ, ඒ විදිහට ගොඩක් පාරවල Scam PTC Site වලට අහුවෙලා කාලය නාස්ති කරගත්තා.
කොහොමහරි, මං අවුරුදු 2ක් PTC – Paid-to-Click කටු කාලා හොයාගත්තේ $100 වලට අඩුවෙන්. දැන් ඔයා PTC කරන කෙනෙක් නම් හිතයි, මම හරියට නොකළ නිසා කියලා. මම දන්නවා තවත් කාව හරි අන්ඳලා Referrals ගත්තම හරි කියලා, ඒත් ම්ං එහෙම කරන්න ලොකුවට උත්සහා ගත්තේ නැහැ.

මේකත් Scam උනා පස්සේ කාලේදී.
ඒ වගේම මේකට අලුත් කෙනෙක් නම් ඔයා හිතන්න පුලුවන් අවුරුදු 2ටම $100 හොයලා මොනාද කරන්න පුලුවන් කියලා. මං මෙකේදී කියලා දෙන්නේ ඒ PTC කරලා හොයන විදිහ නෙවෙයි, ඒක නිසා භය වෙන්න දෙයක් නැහැ.

මේක නම් තාමත් ගෙවනවා, හැබැයි මේවා කරන්න එපා. මේක දාන්නේ හොයන්න පුලුවන් කියලා ඔප්පු කරන්න විතරයි.
ඔය පටන් ගත්ත කාලෙම මම බ්ලොගින් ගැන ඉගෙනගන්න පටන් ගත්තා, මොකද AdSense කියන්නේ සාර්ථක එකක් නිසා. එදා ඉඳලා අද වෙනකම්ම මං Blogging ගැන ඉගෙන ගන්නවා. කිසිම දෙයක් එක රැයින් සාර්ථක වෙන්නේ නෑනේ, ඒ වගේම මාත් ගොඩක් පාරවල අසාර්ථක උනා, ඒත් මං නැවැත්තුවේ නෑ, මොකද අනිත් අයට ඒක කරන්න පුලුවන් නම්, මටත් ඒක කරන්න පුලුවන් කියලා මං දැනගෙන හිටියා. ඒ වගේම ඒ උත්සහාය හින්දම අද මං මගේ Goal එක අරන් තියෙනවා.
දැන් ලංකාවේ පත්තරයක් ගත්තම පිටු පුරවලා අන්තර්ජාලයෙන් අච්චර මෙච්චර හොයන්න පුලුවන් කියලා දැන්වීම් තියෙනවා. සමහර විට ඔයත් ඒ වගේ තැනකට ගිහිල්ලා සල්ලි වියදම් කරලා එන්නත් ඇති. පත්තරේ දැන්වීම් වල කියන තරම් ලේසියෙන් මේක කරන්න බැහැ. හැබැයි පත්තරේ දාන 100,000 හෝ 50,000 වගේ ගානකට වඩා ලොකු ආදායමක් උනත් ගන්න පුලුවන්.
මං හැමදේම ඉගෙන ගත්තේ ඔය Course වලට ගිහින් නෙමේ. ඒ වගේම ගිහිපු අය කියන කතා අහද්දි මට කියන්න තියෙන්නේ ඔය Course පවත්වන අය මේක ගැන හොඳටම දන්න අය නෙමෙයි කියලා.
මම දැනට බ්ලොග් එකට ප්ලැන් ගහන ගමන්, Fiverr කරනවා. ඒ නම කිව්වම නම් සමහරවිට ඔයා දන්නවත් ඇති. මේක තමා මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ. ඒ වගේම මේක සාර්ථක ක්‍රමයක් මේ ශේස්ත්රයට අලුතෙන් එන අයට පටන් ගන්න. මේකේන් ඇත්තටම මුදල් හොයන්න පුලුවන්, මෙතනින් ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒවා කරන හැටි ඉස්සරහට දාන්නම්.

මගේ අදට Fiverr Account එකේ Screenshot එකක්.
සමහර විට ඔයාට ප්‍රශ්ණයක් තියෙන්න පුලුවන්, ඔය අන්තර්ජාලයෙන් හොයන සල්ලි අතට ගන්න පුලුවන්ද කියලා. පහළ පින්තූරය බලන්න, ඒකේ තියෙන්නේ මං මුලින්ම අන්තර්ජාලයෙන් හෙව්ව සල්ලි Payoneer MasterDebit Card එක හරහා HNB ATM එකෙන් ගත්තු Receipt එක.
අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ඔයාගේ ව්‍යාපාරයක් කරනවා වගේ කියලා හිතගෙන කලොත් ඉක්මනින්ම ඔයාටත් මේ විදිහට හොයන්න පුලුවන්.
මං හිතනවා දැන් ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්ණයේ හිටියනම් හොන්ද උත්තරයක් මේ ලිපියෙන් ලැබෙන්න ඇති කියලා. වෙනත් රටවල අන්තර්ජාල අලෙවිකරුවන් අවුරුද්දට මිලියන ගණනින් මේ දේවල් කරමින් උපයනවා. ඔබත් එලෙසම උපයන්න කැමතිනම් SLMarketer.com වෙබ් අඩවිය සමග දිගටම සම්බන්ධ වී සිටින ලෙස ඉල්ලා සිටිනවා.
දැන් තියෙන්නේ ඔයාගේ අවස්ථාව, ඔයාගේ අදහස මොකක්ද පළවෙනි ලිපිය ගැන. ඊලඟ ලිපිය ඊ-මේල් එකට ගැනීමට පහතින් ඊ-මේල් එක ලියා Subscribe ඔබන්න.
Digatama liyanna machan.api asawen inne me gena hodin igena ganna.oyage English blog ekath kiyawala thiyenawa.sinhala blog ekak patan gaththu ekanam godak watinawa.digatama liyanna obata jaya.
Woo..! Thanks බ්ලොග් දෙකම ලියන්න ඉන්නේ දැන් Fiverr චුට්ටක් Limit කරලා.
නියම වැඩක් සහෝ..මමත් වැඩේ පාන් ගන්න හදන්නේ.උදව් කරයි කියලා හිතනවා…ජය වේවා..දිගටම ලියමු.
Godak Sathutui Shyam,
Oya godak hondata pehadili karala thiyenawa. mamath me field ekata aluth. Online wedak karanna asai. Kisi deyak danne nethuwa andure atha patha gaanna bene. Me welawe oyage blog eka aalokayak wage api wage ayata. Wish u 4 ur future n dis ability of educating us,
Gud luck Bro,
ඔව් මටත් දැනෙන්නේ මේ ලිපි වල වටිනාකම මට නම් කියලා නිම කරන්න බෑ
Dear sir, I am disable girl can you help me please give me job Thank you
Sorry! මම Job දෙන්නේ නෑ, ඒත් ඔයාට පුලුවන්නම්, Blog එකේ තියෙන දේවල් කියවලා වැඩකරන්න. job එකකට වඩා තමන්ගෙම Small Business එකක් කරන එක වටිනවා. 🙂